එක්ස්ප්‍රස් පර්ල් වන්දි නඩු විභාගයට මැදිහත් වීමට නීතිඥ සංගමයට අවසර

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අගතියට පත් ධීවර පවුල්වලට වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට හා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අවසර ලබාදුන්නා.

මුර්දු ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබුවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (05) අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙම වන්දි ගෙවීමේ ක්‍රියාදාමය විනිවිදභාවයකින් හා පාරදෘෂ්‍ය භාවයකින් සිදුවන්නේ ද යන්න නිරීක්ෂණය කිරීමේ අරමුණින් පමණක් තමන් මෙම නඩු විභාගය සඳහා මැදිහත් වීමට අවසර පතන බවයි.

වන්දි ගෙවීමේ ක්‍රියාපටිපාටිය පවතින විනිවිදභාවය නිරීක්ෂණය කිරීම සඳහා තමන්ට නඩු විභාගයට මැදිහත් වීමට අවසර දෙන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය ද අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

එම ඉල්ලීම් සලකා බැලූ අධිකරණය අදාළ පාර්ශ්වයන්ට නඩු විභාගයට ඇතුළත් වීම සඳහා අවසර ලබාදුන්නා.

ඉන් අනතුරුව වැඩිදුර විභාගය මාර්තු මස 18 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය තීන්දු කළා.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු ධීවරයන් පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56