අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් වැඩ තහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ වන විට (ජුනි මස 10) පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඇති බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ.
නඩුව තව ස්වල්ප වේලාවකින් ආරම්භ විමට නියමිතයි.
ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් සිදු කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඊයේ (09) අත්අඩංගුවට ගනු ලැබුවා.