අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මෙම විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික ලිපිනයන් වෙතද තැපැල් කල බවයි.
ප්‍රවේශ පත්‍ර තැපැල් මගින් නොලද අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස බාගත කර ගැනීමට හැකියාව පවතී. විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන් වෙත දන්වා සිටින්නේ, ප්‍රවේශපත්වල සංශෝධන සිදුකර ගැනීම සඳහා මෙම දෙසැම්බර් මස 19 දා රාත්‍රි 12.00 දක්වා එක් වරක් පමනක් http://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස සිදුකර ගත හැකි බවයි.