උපන් දවසේම හිසට තුවාල කර ‘දරුවා මරා දැමූ’ අම්මයි තාත්තයි

උපන් දවසේම බිළිදෙකුගේ හිසට තුවාල සිදුකොට මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ වඩුක්කෝඩේ තෝල්පුරම් ප්‍රදේශයේ යුවලක් පොලීසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම යුවල මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව මේ මස 15 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

අදාල කාන්තාව විසින් බිහි කරණ ලද හතර වන දරුවා මෙම දරුවා වන අතර දරු ගැබ සම්බන්ධයෙන් ස්වාමියා තුළ ඇති වු සැකයක් මත නිතරම පවුල තුළ ආරවුල් පැවති බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා.

කාන්තාව විසින් නිවස තුලම දරුවා බිහිකිරීමෙන් පසුව ඇති වූ අධික රුධිර වහනය හේතුවෙන් ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති අතර එහිදී වෛද්‍යවරු නිගමනය කොට ඇත්තේ කාන්තාව දරු ප්‍රසූතියක් සිදු කොට ඇති බවයි.

ඒ ඔස්සේ වඩුක්කෝඩෙයි පොලීසිය සැක කටයුතු යුවල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?