ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකයන් දෙදෙනකුට අයත් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 21ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගොනුකර ඇති නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන 18 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය නියෝග කළා.
1996 සැප්තැම්බර් මස 26 වන දින සහ 1997 සැප්තැම්බර් මස 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩ පෙනී සිටියා.













