උතුරේ ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතියක් – ජනපති කියයි

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) ‘යාපනයට ගංගාවක්’ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘යාපනය – කිලිනොච්චි’ ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02) පෙරවරුවේ එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත් දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය.

ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

යාපනය – කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

මෙම ජල පවිත්‍රාගාරය ලංකාවේ ප්‍රධාන ජල පවිත්‍රාගාරය ලෙස ආරම්භ කෙරෙනවා. මෙම පවිත්‍රාගාරය ඉදිකිරීම සඳහා අවශ්‍ය භූමිය ලබාදුන් මෙම ප්‍රදේශයේ ජනතාවට මම ස්තූතිවන්ත වෙනවා. මෙම ගම්මානයට ග්‍රාම නිලධාරි කොට්ඨාසයක් වෙනම ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එය ඉටුකරන ලෙස මම ආණ්ඩුකාරතුමියට උපදෙස් ලබා දෙනවා. මේ පවිත්‍රාගාරය ආරම්භ කිරීමත් සමඟ යාපනයේ පානීය ජල ගැටළුවට බොහෝ දුරට විසඳුම් ලැබෙනවා. ඉදිරියේ පුනරින් ප්‍රදේශයට ජලය ලැබෙන පාලිආරු ජලාශයේ කටයුතු ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම යාපනයට ගංගාවක් වැඩසටහන ආරම්භ කිරීමට ද මම තිරණය කර තිබෙනවා. මේ පවිත්‍රාගාරය සහ යාපනයට ගංගාවක් වැඩසටහන ක්‍රියාත්මක වූ විට යාපනයේ ජල ප්‍රශ්නය සම්පුර්ණයෙන් විසඳෙනවා. එවිට වඩමාරච්චි ප්‍රදේශය නැවත සශ්‍රික ප්‍රදේශයක් බවට පත් වෙනවා. ඒ වගේම මෙම පානීය ජලය සඳහා අප මුදල් ගෙවිය යුතුයි. සුර්ය බලශක්ති ව්‍යාපෘති මගින් එම පිරිවැය අඩුකර ගැනිමට අප සැලසුම් කර තිබෙනවා. මෙම ප්‍රදේශයට බිංදු ජල සම්පාදනය (Drip Irrigation) වැනි වාරිමාර්ග ක්‍රම ගෙනවිත් නවීන කෘෂිකර්මාන්තය ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. අපි ජලයට මුදල් ගෙවනවා නම් අප ලබා ගන්නා ජලයෙන් උපරිම ලාභය ලබා ගැනීමටත් කටයුතු කළයුතුයි. මෙම වැඩසටහන් හරහා අප තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි.

ඒ වගේම ඉන්දියාව සමඟ එක්ව කංකසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබෙනවා. සිමෙන්ති කර්මන්ත ශාලාව තිබු ස්ථානයේ ආයෝජන කලාපයක් ආරම්භ කරනවා. ඒ වගේම පලාලි දියුණු කළ විට එහි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කළ හැකියි. විශේෂයෙන් මෙම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලශක්තිය සහ සූර්ය බලශක්තිය විශාල වශයෙන් නිපදවිය හැකි අතර එයින් තවත් ආදායම් ලබාගත හැකියි. ඒ අනුව ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීමට නියමිතයි. රජය යාපනය විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු නොකරන්නේ මෙහි විශ්වවිද්‍යාල දෙක තුනක් ආරම්භ කිරීමට පළාත් සභාවට හැකියාව තිබෙන නිසයි.යුද්ධය අවසන් වී මේ වන විට වසර 20ක් පමණ ගතවි තිබෙනවා. දැන් අප සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ආරම්භ කළ යුතුයි.

මෙම පවිත්‍රාගාරය ලබා දුන් ආසියනු සංවර්ධන බැංකුවට මගේ විශේෂ ස්තූතිය පිරිනමනවා. අප බංකොළොත් රටක් බව ප්‍රකාශ කර තිබු සමයේත් ඔවුන් අප වෙනුවෙන් මෙම කටයුත්ත ඉටු කර දුන්නා. දැන් අපි අපේ නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනය එක්සීම් බැංකුව සමඟත් ගිවිසුම් අත්සන් තබා තිබෙනවා. ඒ වගේම බැදුම්කර හිමියන් සමඟත් අපි එකඟත්වයට පැමිණ තිබෙනවා. නිල ණයකරුවන් සමඟ අප මේ වන විටත් එකඟත්වයට පැමිණ තිබෙන නිසා එම රටවල ආධාර දැන් අපට ලැබෙනවා. ජපානය මෙරට ආරම්භ කර අතරමග නැවතුණ ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අනෙක් රටවල සංවර්ධන ව්‍යාපෘතිද ඉදිරියට ගෙන යනවා. ඒ වගේම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මම එකඟත්වයට පැමිණි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර එම ගිවිසුම් අත්සන් තැබීම මේ වන විට සිදු වෙනවා. දියර කිරි නිෂ්පාදනය දියුණු කිරීමට අමුල් සමාගම සමඟ කටයුතු ආරම්භ කර තිබෙනවා. අපි රටේ ආදායම් ඉහළ නංවාගත යුතුයි. අප මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතුයි. එවිට රටේ ආර්ථිකය දියුණු වෙනවා වගේම යාපනය මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා.

මේ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් ඇමතිතුමාට මා ස්තූති කරනවා. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සමඟ එක්වි කඳුකරයේ නව ගම්මාන ඉදිකිරීමට අපි කටයුතු කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57