ඉරාන නාවික හමුදාවේ නෞකා දෙකක් කොළඹ වරායට (ඡායාරූප)

ඉරාන නාවික හමුදාවට අයත් IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරයක් සඳහා අද (16) කොළඹ වරායට සේන්දු වුණා.

මෙහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කළා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ IRINS ‘Bushehr’ නෞකාව, දිගින් මීටර් 107 හා නැව් මුළුව 270 දෙනෙකුගෙන් සමන්විතයි.

එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් MAHDI BALVARDI කටයුතු කරනු ලබනවා.

එමෙන්ම, ‘Tonb’ නෞකාව, දිගින් මීටර් 94.94 හා නැව් මුළුව 250 දෙනෙකුගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් MOHAMMAD HAJI ZADEH කටයුතු කරනවා.

මෙම නෞකාවන් මෙරට රැඳී සිටින කාලසීමාව තුළ නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් විසින් බටහිර නාවික විධානයේ ආඥාපති සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් සමඟ නිල හමුවන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව එම නැව් මුළුවන්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතයි.

එමෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බව සඳහන්.

තවද, මෙම නෞකාවන් නැරඹීම සඳහා නාවික හමුදා ශිෂ්‍ය භට නිලධාරීන්ට සහ නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව ලබාදීම මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් නැරඹීම සඳහා ඉරාන ශිෂ්‍ය භට නිලධාරීන් හා එරට නාවිකයන් හට අවස්ථාව ලබාදීම ඇතුළු පුහුණු හුවමාරු වැඩසටහනක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර තිබෙනවා.

IRINS ‘Bushehr’ සහ ‘Tonb’ නෞකාවන් නිල සංචාරය නිමා කරමින් ලබන 19 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40