spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන 24 ක්. එය අදාළ සමාගම්වලට ඊයේ දිනයේදීම ගෙවා දැමීමටයි මුදල් අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

මේ අතර ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවයි. ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි.

මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. මෙලෙස ඉන්දියාවෙන් ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?