ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අද (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා.
අභියෝගාත්මක අවස්ථාවන්වලදී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව, මෙම හමුවේ දී අග්‍රාමාත්‍යවරිය සිය ඇගයීම පළකාර තිබෙනවා.
‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසු ඉන්දියාව ලබා දුන් සහාය වෙනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව මෙහිදී පළකර තිබුණා.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතාව රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික සහයෝගීතාවෙන් ඔබ්බට විහිදෙන බවත්, සංස්කෘතික, ඓතිහාසික සහ ආගමික සබඳතා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ අත්‍යවශ්‍ය අංගයක් බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී තිබෙනවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ ලේකම් ආචාර්ය අමිත් ටෙලන්ග් ඇතුළු මෙරට නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.













