ඉන්දියාවෙන් ඉරාකයට මානුෂීය ආධාර

ඉන්දීය රජයෙන් ඉරාකයේ කුර්දිස්තාන් නගරයට අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ශ්වසන අපහසුතා ඇති රෝගීන් හට ලබාදිය යුතු බ්‍රොන්කොඩිලේටර්, ඉන්හේලර් සහ වාතාශ්‍රකවලින් සමන්විත මානුෂීය ආධාර තොගයක් යවා ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

අදාළ අවශ්‍යතා ඇති ජනතාවට සහාය දැක්වීම සඳහා මෙම පරිත්‍යාගය සිදු කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පැවසුවා.

අර්ධ ස්වයං පාලන කලාපයට මානුෂීය ආධාර ලබාදීමෙන් නැවත වරක් ඉන්දියාවේ ජනතාව කේන්ද්‍ර කරගත් විදේශ ප්‍රතිපත්තිය සහ ‘විශ්වබන්ධු භාරත්’ හෙවත් ගෝලීය මිතුරෙකු ඇති කිරීම සඳහා නවදිල්ලියේ කැපවීම ඉස්මතු වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දශකය තුළ, ඉන්දියාව සහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා ඉරාකයේ හදිසි අවශ්‍යතා සඳහා සෘජුවම සහ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය යටතේ ජාත්‍යන්තර ප්‍රයත්නයන්හි කොටසක් ලෙස ප්‍රතිචාර දක්වා තිබීම ද මෙහිදී අවධාරණය කළ යුතුයි.

ඒ සමඟම, ඉරාකය සමඟ ආර්ථික හා වාණිජ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව 2016 අගෝස්තු මාසයේ දී කුර්දිස්තාන් කලාපයේ අගනුවර වන එර්බිල් හි සිය කොන්සල් කාර්යාලය විවෘත කිරීම ද සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57