ඉන්දියාවට එරෙහිව ජනිත් ලියනගේට කැඳවීමක්

ආසියානු කුසලානයේ සුපිරි හතරදෙනාගේ වටයේ අවසන් තරගය ලෙස අද (26) රාත්‍රියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දු යැවීමට ඔහු තීරණය කළ අතර පෙර තරගයේ ක්‍රීඩා කළ චාමික කරුණාරත්න වෙනුවට ජනිත් ලියනගේ කණ්ඩායම වෙත කැඳවා තිබෙනවා.