ඉන්දියාවටත් ඔමික්‍රොන් යයි

ඉන්දියාවෙන් පළමු ඔමික්‍රොන් වෛරස ආසාදිතයින් දෙදෙනකු අද (02) දිනයේදී වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ, කර්නාටක ප්‍රාන්තයෙහි පුද්ගලයින් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.

වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකු 66 හැවිරිදි වියෙහි පසුවන අතර, අනෙකා 46 හැවිරිදි වියෙහි පසුවන්නකු වන අතර, මේ වනවිට ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් සොයා එරට සෞඛ්‍ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ වැඩිහිටි ජනගහනයෙන් 49% ක් පමණ මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, මෙලෙස ඔමික්‍රොන් වෛරසය ආසාදිතයින් එරටින් සොයා ගනු ලැබුවේ පළමු වතාවටයි.

මේ වනවිට රටවල් 29ක ඔමික්‍රොන් වෛරසය සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, එය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව 373ක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 30 වැනිදා ප්‍රකාශ කළේ COVID-19ට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් නොකළ, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්, මෙම රෝගයට ගොදුරු විය හැකි පුද්ගලයින් ද ප්‍රජා සම්ප්‍රේෂණය සහිත ප්‍රදේශවලට යාම කල් දැමිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46