spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉතාලියේ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් 21ක් මරුට

ඉතාලියේ වැනීස් නගරය ආසන්නයේ ගුවන් පාලමක් මතින් ගමන් ගත් බස් රථයක් ඉන් පහතට පෙරළී ගිනි ගැනීම නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසනවා.

ගුවන් පාලම මතින් ගමන් ගත් බස් රථය අසළ තිබූ මාර්ග ආරක්ෂිත බාධකයක්ද බිඳ දමමින් වැනීසියට පාලමකින් සම්බන්ධ වන මේස්ටර් දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගය අසලට ඇද වැටි තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සහන සේවකයන් එම ස්ථානයේ තවදුරටත් මෙහෙයුම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ

අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?