ඇල්ටෝ ධර්මෙගේ ගෝලයෙක් වන බම්බා රිමාන්ඩ් – ව්‍යාජ අංක තහඩු ඇති වාහනයකුත් හමුවෙයි

ඇල්ටෝ ධර්මෙගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘බම්බා’ නමැත්තා ව කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු ව අත්අඩංගුවට ගෙන ඇත්තේ වර්ණය වෙනස් කරන ලද නීතිවිරෝධී ව අංක තහඩු වෙනස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමගින්.

කළුතර – දෙල්දුව ප්‍රදේශයේ සැක සහිත ලෙස ගමන් ගන්නා මෝටර් රථයක් පිළිබඳ ව කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි සැකකරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම මෝටර් රථයේ ලියාපදිංචි වර්ණය වෙනස් කර ඇති බවත් මීට අමතරව එන්ජින් අංක සහ බඳ අංක පරීක්ෂා කිරීමේ දී එම අංක ද ව්‍යාජව සකස් කර ඇති ඒවා බවට හඳුනාගෙන තිබෙනවා.

මෝටර් රථයේ පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර ඇල්ටෝ ධර්මේ නමැති පුද්ගලයා මෙම මෝටර් රථය සැකකරුට ලබා දී ඇති බවයි.

මෙම මෝටර් රථයේ සිටි පුද්ගලයා ඇල්ටෝ ධර්මෙගේ ප්‍රධාන ගෝලයකු වන ළිඳමුලගේ නිසංසල අනුෂ්ක තාරක විමුක්ති ද සිල්වා නොහොත් “බම්බා” නමැති අය බවට හඳුනාගෙන තිබෙනවා.

ඔහුට එරෙහිව මීට පෙර මත්ද්‍රව්‍ය සහ ජීව අත්බෝම්බ සන්තකය තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා රැසක් සම්බන්ධයෙන් ද නඩු කටයුතු පවතින බවත් 35 හැවිරිදි සැකකරු ලුනාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් හෙළි ව තිබෙනවා.

මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා යොදාගත් මෝටර් රථයක් ද යන්න පිළිබඳව කළුතර අපරාධ කොට්ඨාසය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

සැකකරු මේ වනවිට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර ඇති අතර මේ මස 14 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40