ඇතින්නට වෙඩි තැබූ සැකකරුට ඇප

මහියංගණය ඇසල පෙරහැරට සහභාගී වූ ඇතින්නකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා ඇප මත නිදහස් කර තිබෙනවා.

සැකකරු අද මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමටයි.

ඔහු මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ අයෙක්.

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැර සඳහා රැගෙන ගොස් සිටි මහරගම සීතා නැමැති ඇතින්නක් මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් ඇතින්නගේ ඉදිරිපස කකුල ආසන්නයට තුවාල සිදුව ඇති අතර ඇතින්නට ජීවිත අනතුරක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

මෙම වෙඩිතැබීම සිදුකිරීමට යොදාගෙන ඇත්තේ ජීව උණ්ඩ ද නැතහොත් රබර් උණ්ඩ ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ.

මහියංගණ ඇසල පෙරහරට සහභාගි වූ මෙම ඇතින්න පෙරහැර නිමා වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටියදී යි ගඟෙන් පැමිණි වන අලියෙකු බව සිතා වෙඩි තැබීම සිදු කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් සුමන සමන් දේවාලයේ නිළමේවරයාගේ දැනුම් දීමකට අනුව පොලිසිය පැමිණ අලියාට වෙඩි තැබූ බව පැවසෙන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

අප වාර්තාකරු සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයකු පැමිණ මේ වන විට තුවාල ලැබූ අලියාට ප්‍රතිකාර සිදු කරමින් සිටින බවයි.

වෙඩි වැදී ඇත්තේ වයස අවුරුදු 47ක් වන මහරගම “අලි රොශාන්“ නැමැති පුද්ගලයෙකුට අයත් ඇතින්නක්.

මහියංණ මහවැලි ගඟේ මේ දිනවල මෙන්ම පසුගිය වසර ගණනාවක් තිස්සේ වන අලි රංචු කිහිපයක් රැඳී සිටින අතර පසුගිය වසරේ පෙරහැර පැවැත්වෙන වේලාවන්වල එම අලි අවස්ථා කිහිපයකදී ගොඩට පැමිණීම වාර්තාවී තිබුණා.

ඒ හේතුවෙන් මෙවර ද ඒ ආකාරයෙන් වන අලි ගොඩට පැමිණිය හොත් පෙරහැර නරඹන ජනතාවට හානියක් සිදු විය හැකි බවට වන අවදානම සැලකිල්ලට ගනිමිනුයි පෙරහැර පැවැත්වනෙ ගඟ අසබඩ මාර්ගය සහ ගං ඉවුර දිගේ වනජීවී නිලධාරින් කණ්ඩායමක් ආරක්ෂාව වෙනුවනේ යොදවා ඇත්තේ.

එලෙස සේවයේ යෙදී සිටි නිලධාරින් පිරිස අතර සිටි සිවිල් ආරක්ෂක නිලධාරියෙක් විසින් මෙම වෙඩි තැබිම සිදු කර ඇතැයි සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06