ආයුධ රැසක් යාපනයෙන් හමුවෙයි

යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් ඊයේ (23) රාත්‍රියේ ගොඩට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි ඉඩමක් හිමිකරු විසින් ඊයේ සවස එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුර වෙතුට දැනුම්දීමට ඉඩම් හිමියා විසින් පියවර ගනු ලැබුවා.

අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ වලදමා තිබූ ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබූ ආයුධ රැසක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජන සඳහා වලදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පැවසුවා.

එහිදී වලදමා තිබූ , මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර වෙනවා.

සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30