spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආයුධ රැසක් යාපනයෙන් හමුවෙයි

යාපනය කොඩිකාමම් පොලිස් වසමට අයත් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් ඊයේ (23) රාත්‍රියේ ගොඩට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

මන්දුවිල් උතුර ජේ. 346 ග්‍රාමයේ පිහිටි ඉඩමක් හිමිකරු විසින් ඊයේ සවස එලිපෙහෙලි කරමින් සිටියදී පොළව යට වලදමා තිබූ ප්ලාස්ටික් බැරලයක් හමු වී ඇති අතර පසුව එය පරික්ෂා කිරීමේදී එහි ආයුධ ඇති බව දැන ඒ පිළිබඳව කොඩිකාමම් පොලීසියට සහ 52 සේනාංකයේ යුදහමුදා කඳවුර වෙතුට දැනුම්දීමට ඉඩම් හිමියා විසින් පියවර ගනු ලැබුවා.

අනතුරුව අදාල ස්ථානයට යුදහමුදාව සහ පොලීසිය පැමිණ වලදමා තිබූ ආයුධ සහිත බැරලය ගොඩට ගැනීමට පියවර ගත් අතර එහි තිබූ ආයුධ රැසක් සොයාගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජන සඳහා වලදමා ඇති බවටත් දිගුකලක් වලදමා තිබීම හේතුවෙන් ආයුධ බොහෝ සෙයින් දිරාපත්ව තිබූ බවටද පොලීසිය පැවසුවා.

එහිදී වලදමා තිබූ , මරාගෙන මැරෙන බෝම්බ 07 ක්, කිලෝ 30 ක වෙඩි බෙහෙත් යෙදූ කෘතිම බෝම්බ කෑන් 2 ක්, අධි බලැති ක්ලෝමෝ බෝම්බ 03ක්, යුදටැංකි නාශක අධිබලැති පීඩන බෝම්බ 03 ක්, පුපුරණද්‍රව්‍ය කිලෝ 08 ක්, පුද්ගලනාශක බෝම්බ 23 ක්, ෆියුස් 23ක්, ආර්.පී.ජී. බෝම්බයක් සහ චාර්ජර් බෑග් එකක්, මිලිමීටර් 81 මෝටර් උණ්ඩයක්, ටී.56 මැගසින් 03 ක්, ටී.56 පතුරම් 517 ක්, බාර් ඇන්ටිටෑන්ක් එකක්, වයිර් මීටර් 14 ක්, විදුලි නොවන ඩෙටනේටර් එකක්, හෝල්ඩර් 2ක්, පී.07 මාර්ක් 01 බ්‍රවුන්ඩින් 04 ක් මේ අතර වෙනවා.

සොයාගත් යුද උපකරණ තොගය අධිකරණ නියෝගයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවට පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?