Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ආනන්ද පාලිත ලබන 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා රුපියල් තිස්එක්ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඛනිජතෙල් සංස්ථාවේ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත දෙසැම්බර් මස 04 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විමර්ශන සිදුකරන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ මේ පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඇප ඉල්ලීම් ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සවිස්තර වාර්තාවක් මීළඟ දින අධිකරණය හමුවේ ගොනු කරන ලෙස පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට නියම කළා.

ඉන් අනතුරුව සැකකරු දෙසැම්බර් මස 04 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කලා.

2015 -2019 වර්ෂය අතර කාලයේදී ඛනිජ තෙල් නිතීගත සංස්ථාවේ තිස් එක්ලක්ෂ එකලොස් දහසක සේවක අත්තිකාල දිමනා වංචා සහගත ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ දින මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.