අසිතට සහ ජයිස්වාල්ට දඩ

ඉන්දියානු ආරම්භක පිතිකරු යශස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට තරග ගාස්තුවෙන් සියයට 25 බැඟින් දඩ පනවා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (23) දිනයේ ක්‍රීඩකයින් දෙදෙනා අතර ඇති වූ අවේගකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස දඩ පැනවීමටයි ජාත්‍යනතර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පනවා ඇති 25%ක දඩයට අමතරව, ඔවුන් දෙදෙනාගේ විනය වාර්තාවලට එක් දඬුවම් ලකුණ බැගින් එක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

ICC විනය චර්යාධර්ම පද්ධතියේ 2.12 වගන්තිය කඩකිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට මෙම චෝදනාව එල්ල වී ඇති අතර, ක්‍රීඩකයින් දෙදෙනාම අදාළ වරද පිළිගැනීම හේතුවෙන් වැඩිදුර විමර්ශනයකින් තොරව මෙම විනය පියවර ගෙන තිබෙනවා.