අසල්වාසී ඉන්දියාවේ ගෙවුණු සතිය තුළ කොවිඩ් මරණ 07ක් – වෛරසයේ පැතිරයාම වේගයෙන්

ඉන්දියාව තුළ ගෙවුණු සතිය තුළ කොවිඩ් 19 වෛරසය වැළඳුණු රෝගීන් 257 වාර්තා වී ඇති බවත්, සිදු වූ මරණ 07ක් ද වාර්තා වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

‘the hindu’ වෙබ් අඩවිය වාර්තා කළේ, මේ වනවිට ඉන්දියාව තුළ කොවිඩ් වැළඳුණු රෝගීන් 1009 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.

සමස්තයක් වශයෙන්, පසුගිය සතිය තුළ රට තුළ රෝගීන් 752 ක වැඩිවීමක් දක්නට ලැබෙන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

කෙසේවෙතත් කොවිඩ් වැළඳුණු රෝගීන් 305 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි ‘the hindu’ වෙබ් අඩවිය සඳහන් කළේ.

මැයි මස 26 වැනි දින වනවිට කේරළය, තමිල්නාඩුව සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලින් රෝගීන් වැඩිවීමක් වාර්තා වී තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ COVID ප්‍රභේදවලට අනුව, NB.1.8.1 සහ LF.7 මෑතකදී ඉන්දියාවෙන් සොයා ගත්තා.

චීනයේ සහ ආසියාවේ අනෙකුත් ප්‍රදේශවල COVID-19 රෝගීන් වැඩිවීමට මෙම ප්‍රභේද හේතු වී ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම නැවතත් කොවිඩ්-19 රැල්ලක් අග්නිදිග ආසියාව පුරා පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනය සහ සිංගප්පූරුව ඇතුළු රටවල මේ වන විට දහස් සංඛ්‍යාත කොවිඩ්-19 රෝගීන් වාර්තා වී ඇති අතර, තායිලන්තයේ පමණක් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් ඇති බවත් සඳහන්.

නව කොවිඩ් රැල්ලක් අග්නිදිග අසියාව පුරා ව්‍යාප්ත වීමත් සමඟ ජනවාරි මස සිට මැයි මස දක්වා තායිලන්තයේ COVID-19 රෝගීන් 187,031 ක් සහ COVID මරණ 46 ක් වාර්තා වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හොංකොං, සිංගප්පූරුව, චීනය සහ තායිලන්තය යන රටවල ජනාකීර්ණ ප්‍රදේශවල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43