අවුරුදු 76ක කාලවකවානුව තුළ ආණ්ඩුවේ අය ගිහිල්ලා ආධාර බෙදා දීම කළේ නැහැ

ආණ්ඩුව විසින් මේ වන විට ආපදා තත්ත්වයෙන් විපතට පත් වූවන් සම්බන්ධයෙන් ගනු ලබන තීරණ දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දසාසිරි ජයසේකර පවසනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

ගංවතුර සහනාධාර මුදල් ලබාදීම සඳහා ඍජුවම ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකය‍ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් විසින් සිදු කරන බවත් එලෙස සිදු කිරීම එම ආධාර බෙදාදීම දේශපාලනීකරණයට ලක් කිරීමක් බවත් ඔහු සඳහන් කළා.

”රුපියල් 25,000 මුදල ලබාදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතින්, නැත්නම් ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායකය‍ගේ විසින්, නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා විසින් කරන තැනකට මෙය සම්පූර්ණයෙන් දේශපාලනීකරණය කිරීමක් සිද්ද කෙරෙමින් යනවා. කවදාවත් ඉතිහාසයේ අපි ගංවතුර ආධාර අවුරුදු 76ක කාලවකවානුව තුළ ආණ්ඩුවේ අය විසින් ගිහිල්ලා මේ ආධාර බෙදා දීම කළේ නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් පවසනු ලැබුවා.

  1. උන් දුන්නොත් තමයි මිනිස්සුගෙ අතට යන්නේ තො දූන්නොත් තොගෙ ඔප්රෙෂන් එකට තියාගනි තොපි ඔක්කොම පිස්සු වැටිලා සල්ලි ටික පිල්ලි ගහ ගන්න බැරිව.

      • එක වතාවක් රිලවු ගණන් කලා කරපු මගුලක් නැහැ. රජයට ලක්ෂ ගානක් පාඩු කලා.. දැන් ගිහින් රිලවු ගංවතුර ආධාර බෙදනවා.. 😂

  2. ඒක තමයි හරි කුුුමය. උඹල කරපු විදිහ වැරදි නිසා තමයි රට විනාශ උනේ. ඒකනෙ අපි මේ ආණ්ඩුව බලයට ගෙනාවේ . හරිම සතුටුයි .

  3. දේශපාලඥයින්ගෙ සාක්කුවලට හතරෙන් තුනක්ම ගියා ආධාර මුදලින්.ඒ නිසයි ඒගොල්ලො නොගියෙ.දැන් ඉන්න අය කරන්නෙ දුප්පත විපතට පත් මිනිසුන් අතටම බෙදන එකනෙ.මේ නව දේශපාලන සංස්කෘතිය එක්ක පරණ අයට හැරෙන්නවත් බෑ.😁😁😁😁😁😁😁😁😁😁

    • බයිලා තමයි.. ඒක තමයි අර මන්දාරම් නුවර ගමම එකතුවෙලා පොලිසියටයි නිලධාරීන්ටයි ගේම් ඉල්ලුවේ.. පොළොන්නරුවේ වෙත් එහෙමයි තව කොහෙ කොහේ ඇත්ද.. 🤣

      • ඉතින් මේකේ කොට කොටා ඉන්නේ නැතිව ගිහිල්ලා ආධාර දීලා ඊලඟට එන චන්දයට ලකුණු දාගෙන දිනාගන්න තිබුනනේ.
        🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  4. මෙතෙක් කාලයක් හොරෙන් උබලගෙ සක්කුවලට දාගත් සල්ලි තමයි ප්‍රසිද්දියෙ බෙදන්නෙ ඇයි නරකද ,

  5. ඉවසාගෙන බලාගෙන ඉන්න හරිම අමාරුයි නේද දයාසිරි? උබලා සේරම පට්ට පවිත්‍ර පිරිසිදු විදියට තමයි වැඩකලේ නේද? උබේ යාලුවා අනුර යාපා හේම ගංවතුර ආධාර සේරම ගෙදරට ලක්ෂ 63 ක්‌ ගෑනිත් එක්ක බෙදාගෙන නඩුවක් තියෙනවා නේද? උබලා බෙදුවේ එහෙම තමයි… ඇයි දැන් ජ වි පේ ඇමතිලා මන්ත්‍රී වරු ගමට ගිහින් කෙලින්ම ජනතාව අතට මුදල් දෙනඑක බලාගෙන ඉන්න අමාරුද උබලට? ඒ මිනිස්සු මාලිමාවට කතිර ගහවි කියලා බයයි නේද 🥸🥸
    උබලා මොන විලාප දුන්නත් වැඩක් නැහැ… රටේ මිනිස්සු 3/2 බලයක් දීලා තියෙන නිසා උබලා කට පුක වහගෙන හිටපල්ලා බල්ලෝ වගේ දැන් කොහොමත් උබලා අවලංගු පොට්ට කාසි

  6. උඹ බෙදන්න ගිහිල්ල මිනිස්සු එලව ගත්ත හින්ද වෙන්නැති,එදා උඹත් අනුන්ගෙ බඩු හරි බෙදුව නම් අද ඕක කියන්නෙ නෑ ගො ගො

  7. පසුගිය කාලේ දේශපාලුවෝ ආධාර බෙදා ගත්තා මිස කාටද බෙදුවෙ. දැන් පාලකයාම ගිහින් බෙදුවාම මොකද වෙන්නෙ

  8. එතකොට 2015 ජනාධිපතිවරණයේදී ටකරන් සහ ගෑස් ලිප් මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රදානය කිරීමත් වැරදියි නේද? එදා කට වහගෙන හිටියේ ඒකාලේ අංද , ගොළු , බිහිරි නිසාද ?
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  9. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ව සිටිකාලයේ 2004 සුනාමි සහන මන්ඩලයට ලැබුනු ආධාර වලට මොකද වුනේ. ඒවා ඔක්කෝම මිනිස්සුන්ට බෙදුවාද?

    ඒ නඩුව නීතිපති වරයා ඉල්ලා අස්කරගත්තේ කාගේ බලපෑමෙන්ද?

  10. 2019 කොරෝනා වසන්ගතයේදි ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පිකිටවූ අරමුදලට මොකක්ද වුනේ. අරගලයත් එක්ක කාලයේ වැලිතලාවෙන් වැසීගියාද?



අපගේ නවතම වීඩියෝ පුවත්