අවුරුදු 35ක කාන්තාව සහ දරු තිදෙනෙක් එපාමුල්ල මුහුදේ ගිලී අතුරුදන්

පමුණුගම පොලිස් වසමේ එපාමුල්ල මුහුදු තීරයේ දියනාමින් සිටි පිරිසක් අතුරින් කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ අදාළ කාන්තාව සහ දරුවන් තිදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

අතුරදන්ව ඇති කාන්තාව අවුරුදු 35ක තැනැත්තියක් එන අතර ගැහැණු ළමුන් දෙදෙනා අවුරුදු 04, 12 සහ පිරිමි ළමයා අවුරුදු 13 යන වයස්වල පසුවූවන බවයි වාර්තා වන්නේ.

මොවුන් ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසියට වැඩිදුරටත් සඳහන් කළා.

නාවික හමුදාවේ සහාය ඇතිව දියේ ගිලී අතුරදන් වූවන් සොයා පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.