spot_imgspot_img

අලුත්ගම බස් නැවතුමේදී බස්වලින් කප්පම් ඉල්ලූ දෙදෙනෙකු අත්අඩංගුවට

අලුත්ගම බස්නැවතුම්පොළේ ගමන් වාරය එන තෙක් නතර කර තිබූ පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුගෙන් කප්පම් ලෙස බලහත්කාරයෙන් මුදල් ඉල්ලා එම මුදල් නොදීම හේතුවෙන් ඔහුට පහරදුන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහරකෑමට ලක්ව තිබුණේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කාලයක සිට අලුත්ගම බස් නැවතුම ආශ්‍රිතව රැඳී සිටිමින් බස් රථවලින් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ නිරතවී ඇති බව හෙළිවී තිබෙනවා.

අදාළ බස් කොන්දොස්තරගෙන් රුපියල් 200ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා නොදීම හේතුවෙන් ඔහුට පහර දී හිස බස් රථයේ වද්දවා ඇති බව පැමිණිල්ලේ සඳහන්.

පහර කෑමට ලක්වූ කොන්දොස්තරවරයා රෝහල් ගත කර ඇති අතර සැකකරුවන් දෙදෙනා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?