අලි වැට අසළින් ගමන් ගත් දරුවා, විදුලි සැර වැදී අවසන් ගමන් යයි

වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවසක් අසළ ඉදිකර ඇති විදුලි වැටක් අසළින් ගමන් ගත් 14 හැවිරිදි දරුවෙක්, එම විදුලි වැටෙහි ඇති විදුලි සැර වැදීමෙන් ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ සිරිපුර පොලිස් වසමේ, පල්ලේගම ප්‍රදේශයේදී යි.

විදුලි සැර වැදුණු දරුවා, පල්ලේගම, සිරිපුර ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා ඉඩම වටා කම්බි වැටක් ඇද ඇති අතර, එයට ඔහුගේ නිවසින් විදුලිය සම්බන්ධ කර ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි නිවසක පදිංචිව සිටි මෙම දරුවා, එම විදුලි වැට අසළින් ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන්, විදුලිවැට සකස් කරන ලද පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිරිපුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක යි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40