Empty Ad
AFC Banner
Empty Ad

අයි.එම්.එෆ්. නියෝජිතයෝ 20 වැනිදා දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.ඒ මෙරටට මූල්‍ය පහසුකමක් ලබාගැනීමේ ක්‍රියාවලියේ ඉදිරි සාකච්ඡා සඳහයි.

මේ සාකච්ඡාවලින් පසු මේ මස අග වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟ වනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් ඇමැති හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රථම වටයේ තාක්‍ෂණික සාකච්ඡා මාර්ගගත ආකාරයෙන් පවත්වා අවසන් කර ඇති අතර එහි ඉදිරි පියවර වශයෙන් මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ලබන 20 වැනි දින මෙරටට පැමිණීමට නියමිතව ඇත.

මෙසේ මූල්‍ය පසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගැනීමේදී විදේශ ණය තිරසාරත්වය පිළිබඳ සහතික වීමක්ද එම අරමුදලට අවශ්‍ය වන අතර ඒ සඳහා දැනට ගෙවීම අත්හිටුවා ඇති විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?