අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

නීතිඥවරයෙකුට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කළ දැනුම්දීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා අද (03) දින එම කොමිසමේ නිලධාරීන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන නොතීසිය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (02) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ජුලි මස 23 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරුණු බවයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥවරයෙකුට කොමිසම හමුවේ පෙනී සිටි ලෙස තම කොමිසම විසින් කළ දැනුම් දීම පිළිබඳව හෙට දින කොමිසමේ නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙන බව සඳහන් කළා.

අල්ලස් පනත යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ නිසි බලය සහිත අධිකරණයට පමණක් බවත් ඇය සඳහන් කර සිටියා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා සඳහන් කළේ මෙම නඩුකරය සමථයට පත්කර ගැනීමට හැකියාව තිබෙන බවයි.

අදාළ නීතිඥවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය නොවන බවට අල්ලස් කොමිසම විසින් දැනටමත් දැනුම්දීමක් සිදු කර ඇති බවත් ඒ අනුව පෙත්සම සමථයට පත්කර ගැනීමට හැකියාවක් තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියා.

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසම විසින් කළ දැනුම් දීමට එරෙහිව නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අද (03) දින පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53
Video thumbnail
බිත්තියක් කඩා වැටී දරුවෙක් සහ පියෙකුට බරපතළ තුවාල
01:06
Video thumbnail
යටියන්තොට පොලිසියේ පරිසර අංශයේ OICට ජීවිතය අහිමි කළ අනතුර
00:57
Video thumbnail
බිබිල දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර
01:40
Video thumbnail
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කොටුවෙයි
00:39