අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීම මගින් පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සේවා කඩිනමින් හා කාර්යක්ෂමව සැලසීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්යං හංසක විජේමුණිගේ ප්‍රධානත්වයෙන්, මහරගම ජාතික පිළිකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා රෝහල් පරිශ්‍රයේ පැවැත්වු බවට වාර්තාවෙනවා.
එහිදි පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදීමේදී පවතින අවශ්‍යතා හදුනාගෙන ප්‍රතිකාර සේවාවාල ධාරිතාව ඉහළ නැංවීම හා ප්‍රතිකාර සදහා පවතින පොරොත්තු කාලය අවම කරමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මක භාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව ද එහිදි දීර්ඝ ලෙස සාකච්ඡා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
