අපරාධයක් සඳහා පැමිණ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු පොලිසියට මාට්ටු

කිසියම් අපරාධයක් සඳහා පැමිණ සැඟවී සිටි පුද්ගලයන් දෙදෙනකු නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ ඇඳුම් කීපයක් මෙන්ම ව්‍යාජ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසනවා.

ගන්දර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (05) දින අලුයම මාර්ගයන්හි රාජකාරි කටයුතුවල නිරතව සිටි බව සඳහන්.

මාතර, වැල්ලමඩම ප්‍රදේශයේදී කැලෑබද ස්ථානයක සැකකටයුතු යතුරුපැදියක් දැක පරික්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී පුද්ගලයන් දෙදෙනෙකු පලායාමට උත්සාහ ගෙන තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් පරික්ෂා කිරීමේදී සිවිල් ඇඳුම් කීපයක් සහ පාවහන් යුගල කීපයක් හමුවී තිබූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

තවදුරටත් සිදුකළ විමර්ශන මත මොවුන් පැමිණි බව කියන යතුරු පැදිය ද ව්‍යාජ අංක තහඩු සහිත එකක් බවට අනාවරණය වී තිබුණා.

එම අංක තහඩුව අනුව අදාළ යතුරු පැදිය පුත්තලම ප්‍රදේශයේ යතුරුපැදියක් බවද පසුව යතුරුපැදියේ චැසි අංක අනුව පරික්ෂා කිරීමේදී පැමිණි යතුරුපැදිය පයාගල පොලිස් වසමේ මග්ගෝන ප්‍රදේශයේ එකක් බවට අනාවරණය වී තිබෙනවා.

එක් සැකකරුවෙකු වැලිගම ප්‍රදේශයේ වයස 28ක පදිංචිකරුවෙකු වන බවත් ඔහු කලක් ගුවන් හමුදාවේ සේවය කොට ඇති බව සදහන්.

ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2210ක් හමුවී තිබුණා.

තවද මොහු විසින් 2017 වසරේදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණයේ විභාගවන නඩු කටයුත්තක සැකකරුවකු බවද පොලිසිය සඳහන් කරනවා.

අනෙක් සැකකරු වයස අවුරුදු 48 පසුවන අතර ඔහු ගොඩගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔහු සන්තකයේ ද තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2240ක් හමුවී තිබුණා.

මෙම සැකකරුවන් දෙදෙනා කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයට පැමිණ සැඟවී සිටියාද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු
ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (06) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට දින හතක කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර ඉන් අනතුරුව මාතර පොලිස් ස්ථානයට භාරදීමට නියමිත බව ගන්දර පොලිසිය සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32