අපට ණයක් ඕනේ, ශ්‍රී ලංකාව රුසියාවට දන්වයි

ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඩොලර් මිලියන 300ක ණය පහසුකමක් ඉල්ලා තිබෙනවා.

මේ අතර, මෙරටට පැමිණි මෙටි්‍රක් ටොන් 37,300ක ඩීසල් රැගත් නෞකාවේ ඉන්ධන අද දිනය තුළ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තය වෙත නිකුත් කෙරෙනවා.

බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි කියා සිටියේ, හෙට දිනයේදී ද තවත් ඩීසල් රැගත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත ව ඇති බවයි.

මීට අමතර ව තවත් ඉන්ධන නෞකා කිහිපයක් මේ මස 06, 09 සහ 12 යන දිනවල මෙරටට පැමිණීමට නියමිතයි.

ඛනිජ තෙල් සංස්ථාවේ තොග ගබඩා පර්යන්තයේ සභාපති නාලක පෙරේරා කියා සිටියේ, මේ වනවිට පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් පමණ සංස්ථාව සතුව පවතින බවයි.

ඒ හේතුවෙන් ඉන්ධන සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයි ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිනයේත් දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, අදත් දිවයිනට ම බලපැවැත්වෙන පරිදි පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දෙනවා.

එමෙන්ම අඛණ්ඩ විදුලි සැපයුමට පියවර ගන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු සියලු පාර්ශවවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අනිද්දා සිට විදුලි කප්පාදුවක් සිදු නො කරන බවට බලධාරීන් ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39