Fly high Get bonus Aviator Phone

අනියම් පෙම ගිනියම් වූ හැටි

අනියම් පෙමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට බරපතළ ලෙස කැපුම් ප්‍රහාර එල්ල කර තුවාල සිදු කර, පසුව ඔහුගේ යතුරුපැදිය ගිනිතබා විනාශ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් පහරදීමෙන් පසුව පොලිසියට භාර වී ඇති බවයි.

මෙම තුවාලකරු මීට වසර 05කට පමණ පෙර හැටන් – කොටගල ප්‍රදේශයේ කාන්තාවක් සමග නීත්‍යනුකූල ව විවාහ වී තිබෙනවා.

නමුත් ඔහු පසුව එම ප්‍රදේශයේ ම තවත් කාන්තාවක් සමග අනියම් පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එයට විරුද්ධ වූ නීත්‍යනුකූල බිරිඳගේ හිසට අලවංගුවකින් පහරදීමේ සිද්ධියට එරෙහිව පොලිසියේ ඇයගේ පාර්ශ්වය විසින් පැමිණිල්ලක් ද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව දිඹුලපතන පොලිසිය විසින් සැකකරුව සහ නීත්‍යනුකූල බිරිඳ ඇතුළු ඇයගේ දෙමාපියන් ද කැඳවා සමගියෙන් සිටින බවට සමථයකට පත් කර තිබෙනවා.

නමුත් ටික දිනකට පසුව මෙම පුද්ගලයා යළිත් සිය අනියම් පෙම්වතිය සමග සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටින බව දැක ඇති නීත්‍යනුකූල බිරිඳගේ සහෝදරයින් දෙදෙනකු එම ස්ථානයට ගොස් ඔහුට අමානුෂික ලෙස පහර දී, නීත්‍යනුකූල බිරිඳගේ පියා (මාමණ්ඩිය) විසින් ලබා දී තිබු ලක්ෂ 04කට වඩා වටිනාකමක් සහිත යතුරුපැදියට ද ගිනි තබා ඇති බවයි හෙළි ව ඇත්තේ.

දරුණු ලෙස පහර කෑ මෙම පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඹය මූලික රෝහල වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (18) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?