අනාරක්ෂිත ළිඳකට බිළි වූ හතර හැවිරිදි දරුවා

අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු හතරක පිරිමි ළමයෙක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් පරන්තන්, කාංචිපුරම් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දරුවා නිවසේ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති අතර, එම අවස්ථාවේ දරුවාගේ පියා පමණක් නිවසේ රැඳී සිට තිබෙනවා.

පස්වරුවේ නිවස තුළ නිදාගෙන සිටි පියා අවදී වී බලන විට, සෙල්ලම් කරමින් සිටි දරුවා නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව සොයාබලා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අනාරක්ෂිත ළිඳට වැටී මඩේ එරී සිටි දරුවා සොයාගැනීමට හැකිව ඇති අතර, දරුවා ගොඩට ගෙන වහාම කිලිනොච්චිය රෝහලට රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් දරුවා රෝහල් ගත කරන විටත් මියගොස් සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?