AFC Banner
AFC Banner
Empty Ad

අද සහ හෙට ප්‍රදේශ කිහිපයකට වැසි

අද (25) සහ හෙට (26) දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද පළාතේත් පුත්තලම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන තද සුළං ද ඇති විය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල් ප්‍රශ්නයට - රිලවෙක් අල්ලගත්තා / විදුලි ප්‍රශ්නයට - වඳුරෙක් අල්ලගත්තා
03:33
Video thumbnail
ලංකාව දැන් ටින්මාලු වලින් ස්වයංපෝෂිතයි...
04:42
Video thumbnail
මිනිස්සු දැවෙන ප්‍රශ්න වලට ආණ්ඩුවේ අවධානයක් නැද්ද?
02:26
Video thumbnail
සමාජ මාධ්‍ය ජාලාවලින් ආපු ජනාධිපතිට - වැඩ බැරි බව ඔප්පු වෙලා තියෙනවා - අක්කගේ කටේ සද්දේ
07:53
Video thumbnail
මල පැනපු අපිලගේ සාදු අමු ගොයම් ගස් වළඳයි
10:24
Video thumbnail
කොල්ලන්ගේ යකඩ හීන බොඳකර ලොක්කන්ට ගේන්න යන සැපවහන
05:54
Video thumbnail
ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් ඉසුරුපාය රත්වෙයි - උලපනේ සුමංගල හිමිගෙන් ලොකු සද්ධයක්
07:15
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි ? දොලවත්ත උසාවියෙන් එළියට ඇවිත් කියයි
03:51
Video thumbnail
BREAKING NEWS 🔴ඉසුරු පාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
01:43
Video thumbnail
අද රෝහිතට හොඳටම තරහා ගිහිං
11:37

?