spot_imgspot_img
spot_img

අතුරුදන් වූ සිසුවෙක් සොයා පොලිස් පරීක්ෂණ

කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසැලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු පෙරේදා (16) සිට අතුරුදහන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසැලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුවෙක්.

ඔහු අනුරාධපුර හෙට්ටුවැව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක්.

මෙම සිසුවා කැකුණගොල්ල ජාතික පාසැලේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර එහි ශිෂ්‍ය නේවාසිකාරයේ නතර වී අධ්‍යාපන කටයුතු සිදු කර තිබෙනවා.

අතුරුදහන්ව ඇති සිසුවා සොයුරු සොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ද වන බව සඳහන්.

මෙම සිසුවා පෙරේදා (16) පෙරවරුවේ පාසලින් පිටව ගොස් ඇති අතර අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් දිවුල්වැව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඔහු ඉගෙනුම ලැබූ පාසැල මගින් ද මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් කටුපොත පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ලැබී ඇති එම පැමිණිලි පිළිබඳ මේ වනවිට පොලිස් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිසුවා පෙරේදා කොළඹට පැමිණ තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු තවත් පුද්ගලයකු සමග අලුත්කඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරන ආකාරය එම මාර්ගයේ වෙළඳසැලක පිහිටි කැමරාවක ද සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?