අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි‍යෝ අපවත් වෙති

අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අද (29) දහවල් කොළඹ ජාතික රෝහලේ 41 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදි අපවත් වී ඇති බවයි දසත ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමක දී වාර්තා වූයේ.

දිගු කලක් උන්වහන්සේ රෝගාතුරව සිටි අතර මෙරට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා භික්ෂුවක් ලෙස දැවැන්ත ශාසනික මෙහෙවරක් සිදු කළ භික්ෂුවක් ලෙස අමිතානන්ද හිමියන් ගරු බුහුමනට පාත්‍ර වුණා.

බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් වැඩ වාසය කළේ දොම්පේ කල්‍යාණි ධර්මාශ්‍රමයේ යි.

2017 වර්ෂයේ පමණ උන්වහන්සේ ගිලන් වූ අතර එතැන් සිට උන්වහන්සේට මොළයේ සැත්කම් කිහිපයක් ද සිදු කිරීමට වෛද්‍යවරුන්ට සිදු වුණා.

එවන් තත්ත්වයක් යටතේ දැඩි ලෙස ගිලන් ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබමින් සිටියදියි උන්වහන්සේ මෙලෙස අද දින අපවත් ව ඇත්තේ.

විද්‍යුත් හා රූපවාහිනී මාධ්‍ය නාලිකාවල සේ ම, ගුවන්විදුලියේ ද ජනප්‍රිය සහ දක්ෂ ධර්ම කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් ඇසුරෙහි හැදී වැඩුණු භික්ෂු පරපුර 300කට අධිකයි.

  1. ගරු කටයුතු අති පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද මහා නායක හිමිපාණන් කල අමිල ශාසනික සේවාවට රටම ණය ගැතිය. නිවන් සුව පතමු !!!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06