අත්වැරදීමකින් 85 දෙනෙකු අවාසනාවන්ත ලෙස මියයයි

අත්වැරදීමකින් ගම්මානයටකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 85 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නයිජීරියානු හමුදාවට අයත් ඩ්‍රෝන යානයක් මගින්  එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එරට උතුරුදිග කඩුනා ගම්මානයේ සිවිල් වැසියන් 85 දෙනෙකු මෙලෙස මියගොස් පුද්ගලයින් 66 දෙනෙකු ද තුවාල ලබා තිබේ. මේවන විට නයිජීරියානු හමුදාව විසින් මෙම ප්‍රහාරය අත්වැරදීමකින් එල්ල කළ එකක් බව පිළිගෙන තිබෙනවා.

එරට ජනාධිපති බෝලා ටිනුබූ  අදාළ ප්‍රහාරය සිදුවූ ආකාරය සොයා විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග කර ඇති අතර අවිගත් කල්ලිවල ක්‍රියාකාරකම් බහුල කලාපයක් ලෙස සැලකෙන මෙම කලාපය නිතරම ගුවන් ප්‍රහාරවලට ඉලක්ක බවට පත්වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?