අත්වැරදීමකින් වැරදි ශීර්ෂයක් යොදා පලකළ පුවත නිවැරදි කිරීම සම්බන්ධවයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යන ශීර්ෂය සහිත පුවතකට වෙනත් ශීර්ෂයක් යොදා දසත වෙබ් සංස්කාරකවරයෙකු විසින් පලකර තිබෙනවා.
මෙය දුටු වහාම එය ඉවත් කර නිවැරදි කිරීමට කටයුතු කළ අතර මෙම පුවත හේතුවෙන් අපහසුතාවයට පත්වූ සියලු දෙනාගෙන්ම ඒ සම්බන්ධව අප ආයතනය විසින් සමාව අයැද සිටිනවා.
තවද මෙම පුවත පලකළ සංස්කාරකවරයා සම්බන්ධයෙන් ආයතනික මට්ටමෙන් අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදුකරනවා.
අත්වැරදීමකින් පලකළ මෙම පුවත හේතුවෙන් අපහසුතාවයට පත්වුණු සියලුම පාර්ශවයන් වෙත අප කණගාටුව පලකර සිටිනවා.

  1. Very good
    වරදක් අනිවාර්යෙන් ඉවරදි කර ගත යුතුයි.ඒ සඳහා සිංහල භාෂාවේ හරි ලස්සන සුළු වචනයක් තියෙනවා.මේ මිහිපිට සියලුම දෙනාට අද සමාවෙන්න කියන වචනය කට ඇරලා කියන්න බෑ. කියන්නෙත් නෑ. Sorry වචනය යම් යම් අවස්ථාවලදී ඇහුනොත් සමාවෙන්න කියන වචනය කියන්න බෑ මදිකමක්.දෙමාපියන් පාසලෙන් බලාපොරොත්තු වෙනවා උසස්ම පුද්ගලයෙක්. පාසලත් ඒකම කරනවා උසස්ම තනතුරු සඳහා දරුවන් හට උගුර ලේ රහ වැටෙනකං දැනීම ලබාදෙනවා. හැබැයි මගේ පාසල් ජීවිතයේදීත් කිසිම ගුරුවරයෙක් සමාවෙන්න කියන වචනය වරදකදී සමාව ගැනීම පිළිබඳව දරුවන්ට එහි ඇති වැදගත්කම ගැන උගන්නපු තැනක් මට ඇහිලා නෑ. මම හිතනවා අදටත් පාසල් තුළ ඒ පිළිබඳව නම් දරුවන්ට දැනීම ලබා දෙන්නේ නෑ. වෙන ඕන තරම් දැනීම ලබා දුන්නත් ඒකනම් නෑ. අප රට තුළ අමානුෂික සිදුවීම් ඕන තරම් සිදුවෙනවා. ඕක තමයි පැහැදිලි හේතුව.නිවැරදි අර්ථ දැක්වීම ලබාදී තිබුණා නම් අසුභ පුවත් ලක්දෙරණ තුළින් අහන්න නම් ලැබෙන්නේ නෑ. ඇත්තටම මේ වැනි පුවත් ප්‍රසිද්ධියේ පළ කරපු එක ගැන විශේෂයෙන්ම ස්තුතිය පුද කරනවා. සමාවෙන්න කියන වචනයයි මනුස්සයා කියන කෙනයි සමාන පද නොවුනට සමාන පද තමයි.බය නැතුව කට ඇරලා කියන්න ඕන ප්‍රශ්නයක් විසඳෙනවා.

    • ස්තුති කරන්න
      සමාව ගන්න
      සමාව දෙන්න
      පරක්කු වෙන්න එපා
      ඉ ලග මොහතේ
      මොකක් වෙයිද දන්නෙ
      උඩ ඉන්න
      දෙවියන් පමනයි

  2. වැරදීමකදී සමාව ගැනීම අපිට මුලින්ම පුරුදු කලේ බුදුපියාණන් වහන්සේ.ක්‍රිස්තියානි ආගමේත් යම් තරමකට මේක තියෙනවා. අනෙකුත් ආගම් ගැන මම දන්නේ නැහැ .

    ආගමේ තියෙන දේ හරියට නිවසේදී වගේම පාසලේදීත් හරියට දරුවන්ට පුරුදු කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ .
    විනය කියන්නේ ඕකට තමයි

  3. මේක හිතා මතාම කරපු වරදක් නෙවෙයි. පුතාණෝ ගෙ සහ මෑමලගෙ පුවත් අතිශෝක්තියෙන් ලියනව මෙයාලා. අනවශ්‍ය විදියට රජය විවේචනය කරමින්. ඒවගෙම මෙයාල attention ගන්න headline මාරු කරනව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14