අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළට

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

කිරිපිටි, සෝයා, හාල් මැස්සන්, බාස්මතී, දුඹුරු සීනි, අර්තාපල්, කඩල, සුදු ළූණු සහ රතු කැකුළු යන භාණ්ඩවලයි මෙලෙස මිල අඩු කිරීම් සිදුකර ඇත්තේ.

ලංකා සතොස සඳහන් කළේ හෙට (17) සිට දිවයින පුරා පිහිටි ශාඛා මගින් නව මිල ගණන් යටතේ මෙම භාණ්ඩ වර්ග ලබාගත හැකි බවයි.

Sathosa Price