අඟුරුවාතොට පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කරයි

අඟුරුවාතොට පොලිස් වසමේ බටගොඩ ප්‍රදේශයේ නිවසක් තුල තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු හොරණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බවට වාර්තාවෙනවා.

ඊයේ .(06) දින රාත්‍රී මෙම ඝානනය සිදුවී තිබෙනවා.

මරණකරු අවුරුදු 41 ක් වූ ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු හා සැකකරු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුව ඇති බව සිදුකළ මුලික විමර්ශනයෙදි අනාවරණය වුනා.

අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.