අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව බදාදා ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන 19 වනදා (බදාදා) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභීන් 999,502 කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැර කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එහි දෙවන අදියරේ දී ප්‍රතිලාභීන් 212,955කට රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන්දහසක මුදලක් ගෙවීමට සැලැසුම් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්