අඛණ්ඩ වැඩ වර්ජනයක් – සේවාවන් රැසක් අකර්මන්‍යයි

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද (10) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු සියලු රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩත්වයට අනුබල දැක්වීම පිළිබදව රජය වෙත දැඩි අප්‍රසාදය පළකිරීම සඳහා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ද ඊයේ (09) මධ්‍යම රාත්‍රී සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

මේ අතර අද (10) දිනයේ සිට සමස්ත සෞඛ්‍ය සේවාවම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සංගම් සඳහන් කළේ.

එමෙන්ම විදුලි වෘත්තීය සමිති ද අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළා.

මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද වැඩ වර්ජනයක නිරත වී සිටින බව ලංකා ගුරු සංගමය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05