තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ පසුගිය පෙබරවාරි මස 13 වනදා සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට දී නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොට්ඨාසයෙන් නිලධාරීන් විසින් ඊයේ (07) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු, අදාළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු හට විදේශ ගතවීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ඇඟිලි සලකුණු තැබූ අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.
ඒ, අනුව කූඨ ලේඛන සකස් කිරීමට අනුබලදීම හේතුවෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු වයස අවුරුදු 45ක මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.










