රජයේ වියදම් සම්බන්ධයෙන් දැඩි තීරණයක්

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් තවදුරටත් සීමා කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම්වලට එළඹීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු බවට ද මෙහිදී පුඅදෙස් ලබාදී ඇති බව සඳහන්.
.
එමෙන්ම කඩදාසි භාවිතය හැකිතාක් අඩු කරන ලෙසටත් විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් දැනුම් දී තිබෙනවා.

රජයේ ආයතනවල ඉන්ධන, විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පැනවීමට ද දැනුම් දී ඇති අතර දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව උදෙසා සහනයක් සැලසීමට උපරිම කැපකිරීම් කර රාජ්‍ය අංශය ද ආදර්ශයක් ලබාදිය යුතු බවයි මෙමඟින් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21