බැසිල්ගේ බලපෑමෙන් වත්මන් පාලනයත් මිදිලා නෑ..

ලබන එකොළොස්වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ චීනයේ යුවාන් වැන් 05 සන්නිවේදන නෞකාවට එදින පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා රජය චීන තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති බව වාර්තා වන්නේ යැයි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

ඔහු පවසන්නේ එම සන්නිවේදන නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනිකුත් පහසුකම් ලබා ගැනීම පිණිස හම්බන්තොට වරායට පැමිණීම පිණිස ලබාදී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවීමට ගත් තීරණය අනුව එම දැනුම්දීම සිදුකර ඇතැයි හිටපු අමාත්‍යවරයා පවසයි.

“මෙම නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස සලකමින් ඉන්දීය රජය එය හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි විරෝධය දැක්වීමත් සමඟ ශ්‍රී ලංකා රජය මෙම තීරණය ගෙන ඇත. ඉන්දු- පැසිෆික් වුවමනාවට චීනයට දොර වැසීම නොබැඳි පිළිවෙතද? අප අනුගමනය කළ යුතු වන්නේ නොබැඳි විදේශ පිළිවෙත මිස අනෙකක් නොවේ.

මෙමගින් පෙනී යන්නේ තවමත් පවතින අර්බුදය, පුනරුදයේ මොහොත බවට පත් කර නොගනිමින්, එය ඉන්දු- පැසිෆික් ආධිපත්‍යයට අපේ රට සම්පූර්ණයෙන් යටත් කිරීම සඳහා යොදා ගනිමින් තිබෙන බවය. එසේම අපේ රට ඉන්දු පැසිෆික් මෙහෙයුමේ ගොදුරක් බවට පත් කිරීම පිණිස යුහුසුළුව ක්‍රියාත්මක වූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ නඩයේ බලපෑමෙන් වත්මන් පාලනය ද මිදී නොමැති බවය.

එවැනි රට වළපල්ලට ඇද දැමූ විනාශකාරී නඩයක බලපෑම්වලට නතු වෙමින් ගන්නා මෙවැනි තීරණ මගින් සිදු වන්නේ අනාදිමත් කාලයක සිට සෑම දුෂ්කර මොහොතකම ශ්‍රී ලංකාවට මිත්‍රත්වයේ හස්තය දිගු කළ කල්‍යාණ මිත්‍රයකු වන චීනය සමඟ ද රාජ්‍යතාන්ත්‍රික ගැටළුවක් පැන නැගීම පමණි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39