තරුණයෙකුට මරු කැඳ වූ කෙහෙල්බද්දර වෙඩි තැබීමේ තොරතුරු රැසක් එළියට

20 හැවිරිදි තරුණයකු ඊයේ (06) ගම්පහ, කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබූ අතර, වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණේ ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මෙම තරුණයා කෙහෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවය කළ අයෙකු වන අතර, එම ස්ථානයේ හිමිකරු ඉලක්ක කර එල්ල කළ වෙඩි ප්‍රහාරයකට තරුණයා බිලි වූ බවට ද පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ මෙම වෙඩි තැබීම, පසුගිය 27 වනදා ගම්පහ මහාධිකරණය ඉදිරිපිට දී සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස්පොඩ්ඩා’ ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ එකක් බවටයි.

පොලිසිය සඳහන් කළේ ‘පස්පොඩ්ඩා’ ඝාතන සිද්ධියේ සැක කරන පුද්ගලයෙකුගේ ඥාතියෙක් විසින් මෙම කොණ්ඩා කපන ස්ථානය පවත්වාගෙන යන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
59වෙනි උපන්දිනය සරලව සැමරු ටී.බී සරත්
03:06
Video thumbnail
බන්ධනාගාර සිද්ධිවල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව..?
08:48
Video thumbnail
මංගල හස්තිරාජාට උම්මා දීලා කෙසෙල් කවපු සජිත්
04:28
Video thumbnail
5 වසරේ ශිෂ්‍යත්වය නැතිකරන්න එපා - මේ වගේ විභාග තියන්න ඕනේ
01:26
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සෙත්පතා විශේෂ බෝධි පූජාවක්
01:01
Video thumbnail
අදින් පස්සේ දරුවෝ නිදහස් - අපි පීඩාවක් දුන්නේ නෑ
02:44
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42