මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමේ සූදානමක්

දියර කිරි, බිත්තර හා කුකුළු මස්වල මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධාන හේතුව සත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු හිඟවීම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ බඩඉරිඟු ආනයනය කිරීමට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය නොමැතිවීමත්, බඩඉරිඟු වගා කරන රටවල් තම නිෂ්පාදන අපනයනය කිරීමට කටයුතු නොකිරීමත් හේතුවෙන් රට තුළ මෙලෙස සත්ත්ව ආහාර හිඟ වී ඇති බවයි.

මෙයට ප්‍රධානතම විසඳුම අවශ්‍ය බඩඉරිඟු රට තුළම වගාකර ගැනීම මිස වෙනත් විකල්පයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඒ, අනුව මහ කන්නයේ දී හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කිරීමට සියලු කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

බඩඉරිඟු වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ බීජ ප්‍රමාණය ලබාදීමට කෘෂි බීජ වගාකරුවන්ගේ සංගමය එකඟත්වය පළ කර තිබෙන බවද ඔහු පැවසුවා.

ඒ, අනුව මහ කන්නයෙන් පසු බිත්තර හා කුකුළු මස්වල මිල ගණන් අඩුවනු ඇති බවයි පුරෝකතනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25