ශ්‍රී ලංකාව තුළ දරුණු කොවිඩ් ප්‍රභේදයක් – ළමා රෝහලේ ආසදිතයින්ගේත් වැඩි වීමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ වැඩිවීමක් පවතින බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.

මේ වනවිටත් කොවිඩ් ආසාදිත දරුවන් දස දෙනෙකු පමණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.

දරුවාට උණ, කැස්ස හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ දුටුවොත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙසත් එවැනි තත්ත්වයක් තුළ දරුවා පාසල වෙත නොයවන ලෙසත් වෛද්‍ය ජී. විජේසූරිය මව්පියන්ට දැනුම් දෙනවා.

මේ අතර ලංකාව තුළ පැතිරයමින් පවතින කොවිඩ් වෛරස ප්‍රභේදය රට තුළ දරුණු තත්ත්වයක් නිර්මාණය කරුණු ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප‍්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප‍්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

ඒ හේතුවේ ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වයන්ට සූදානම් විය යුතු බවයි ඔහු දන්වා සිටියේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මේ වනවිට පැතිර යන බී.ඒ.5 ලෙස හඳුන්වන ඔමික්‍රෝන් අනු ප්‍රභේදය ලොව පුරා ද ඉතා සීග්‍රයෙන් පැතිර යන බවයි.

ඊයේ (29) දිනයේ මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 143 දෙනෙකු හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 05ක් ද ඊයේ (29) දිනයේ තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18