අන්තරාදායක ලෙස ඉන්ධන තොග පිටින් ඇද්ද අයෙක් සියඹලාණ්ඩුවේදී අල්ලයි

අන්තරාදායක ලෙස ඉන්ධන තොගයක් නීති විරෝධී අන්දමින් ප්‍රවාහනය කළ පුද්ගයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා ඊයේ (23) පස්වරුවේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

සැකකරු විසින් නිසි බලධරයකුගෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව ප්ලාස්ටික් ටැංකියක බහාලූ ඩීසල් ලීටර් 420ක් සහ පෙට්‍රල් ලීටර් 120ක් අඩංගු ගැළුම් 06ක් අන්තරාදායක ලෙස ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදීයි අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මොහු සියඹලාණ්ඩුව, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සියඹලාණ්ඩුව පොලිස් ස්ථානය වෙත සැකකරු සහ ඉන්ධන තොගය භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16