නිමල් ගැන සොයන්න ජනපතිගෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ දී ජපාන සමාගමකින් අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපතිත්වය දරණු ලබන්නේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන විසින්.

ඊට අමතරව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරා එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනවා.

තමන්ට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයකට අවස්ථාව ලබාදෙමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වුණා.

ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ලබන 31 වනදාට පෙර ජනාධිපතිවරයාට භාරදිය යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51