80 පෙම්වතා විවාහකරගත් 29 පෙම්වතිය (ඡායාරූප)

විවිධ වයස්වල ඇතිවන ආදර කතා අවසානයේ විවාහයෙන් කෙළවර වූ පුවත් පිළිබඳව මෑත කාලයේ අපට අහන්න දකින්න ලැබුනා.තවත් එවැනිම විශේෂ පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ලෝකයේම අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

මෙම පුවත වාර්තාවන්නේ දකුණු අප්‍රිකාවෙන්.

දකුණු අප්‍රිකාවේ 29 හැවිරිදි වියේ පසුවන Terzel නමැති නීති ශිෂ්‍යාවක් විසින් මෙලෙස විවාහ කරගෙන ඇත්තේ 80 හැවිරිදි වියේ පසුවන Wilson නමැති පුද්ගලයෙක්.

2016 වසරේදී ඔවුන් දැන හඳුනාගෙන ඇති අතර අනතුරුව මාස 03කට පමණ  පසුව ඔවුන්ගේ මේ අපූරු ආදර කතාව ගොඩනැගී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් Wilson හට ඔහුගේ පෙම්වතිය වූ Terzelගේ වයසේ පසුවන මිණිබිරියන් සිටීම ද විශේෂ බවයි දකුණු අප්‍රිකාවෙන් ඇසෙන්නේ.

මේ අතර තවත් විශේෂ කරුණක් වන්නේ ඔවුන්ගේ විවාහයේ සාක්ෂිකාරිණියක් ලෙස අත්සන් කර ඇත්තේ Wilson ගේ 56 හැවිරිදි දියණිය වීමයි.

මෙම අපූරු පෙම්යුවලගේ විශේෂතම දිනය එනම් මංගල උත්සවය ඉතා චාම් ලෙස කේප් ටවුන් හිදී සිදුව ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Wilsonගේ පළමු විවාහයේ බිරිඳ 2002 වසරේදී පිළිකාවක් හේතුවෙන් මියගොස ඇති අතර ඉන් පසුව ඔහු වෙනත් කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් ඇතිකරගැනීමට උත්සහ කර නොමැති බවයි සඳහන් වන්නේ.

තම පෙම්වතා ගැන අදහස් පළකරමින් Terzel විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම සැමියාගේ අත්දැකීම් ඔවුන් දෙදෙනාගේ අනාගතය ශක්තිමත් කරනු ඇති බවයි.

තමන්ට ඇතිවන ඕනෑම ගැටලුවකදී තම සැමියාගෙන් උපදෙස් ලබාගැනීමට කිසිසේත් පැකිලීමක් ඇතිකර නොගන්නා බවද Terzel  ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර Terzelගේ සියලු අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ Wilson විසින්.

ඔවුන් දෙදෙනාගේ විශාල වයස් පරතරය පිටස්තර පාර්ශවයන්ට ගැටළුවක් වුවද ඔවුන් පවසන්නේ දෙදෙනා දෙදෙනාට අනුපූරක වන බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර ඇති එකම නොගැලපීම වන්නේ Wilson හට තාක්ෂණය පිළිබඳව ඇති දැනුම අඩුවීමයි.

එය එසේ වුවද තම සැමියාට තාක්ෂණික දැනුම ලබා දීමේ භාරදූර වගකීමද Terzel විසින් ම තමන්ට පවරාගෙන තිබීමද විශේෂත්වයක්.

සැලකිය යුතු වයස් පරතරයක් ඇති වෙනත් බොහෝ යුවළයන් මෙන් නොවී ඔවුන් දෙදෙනාගේම පවුල් විසින් ඔවුන් පිළිගෙන තිබීම ද විශේෂත්වයක්.

තමන්ගේ අලුත්ම තරුණ පිළිබඳව අදහස් පළකරමින් Wilson පවසන්නේ මෙවැන්නක්.

“මම කිසි විටෙකත් මා මහලු පුද්ගලයෙකු ලෙස නොසිතූ අතර මෙම විවාහය සහ ආදරය මා නිරෝගීව හා ජවසම්පන්නව තැබීමට සමත්ව තිබෙනවා. Terzel සමඟ සිටීමද මට එය ඒ ආකාරයෙනම සිතීමට සහ දැනීමට උපකාරී වී තිබෙනවා. මගේ වයසේ කෙනෙකු සමඟ විවාහ වීමට වඩා තරුණියක විවාහ කර ගැනීම වඩා හොඳ දෙයක්, එයට හේතුව එකම වයසේ අයෙක් සමග විවාහ වුවහොත් අප දෙදෙනාම එකටම වයස්ගත වීම හේතුවෙන් ඇයට මට උදව් කිරීමේ හැකියාවද එමගින් අහිමිවනවා. ඒ අනුව මගේ මහලු වියේදී මාව රැකබලා ගැනීමට Terzel පැමිණෙනු ඇති බව මගේ විශ්වාසයයි”

මෙම අපූරු යුවලගේ ඡායාරූප පහතින්.

262207 1 1
262207 2 1
262207 3 1
262207 4 1
262207 5 1
262207 6 1
262207 7 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53