AFC Banner
AFC Banner
Empty Ad

කොළඹ කොටුවේ පුද්ගල ඝාතනයක්

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (18) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

තියුණු ආයුධයකින් පහර කෑ අදාල පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගමුව තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙක්

සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?