පාකිස්තාන ශ්‍රි ලංකා තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

පාකිස්තානයත් සමඟ තරග දෙකකින් යුතුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹේ.

ඊට සහභාගී වන පාකිස්තාන කණ්ඩායම මේවන විටත් නම් කර තිබේ. ඒ අනුව පළමු වතාවට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලි අගා ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය .

එමෙන්ම වසරකට පමණ පසු දඟ පන්දු යවන ක්‍රීඩක යෂී ෂා එක්වෙයි. මොහොමඩ් නවාස් ටෙස්ට් තරගයකට එක්වන්නේ වසර හයකට හසු වීම විශේෂත්වයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දඟ පන්දු යවන ක්‍රීඩකයන්ට පාරාදීසයකි. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකම දඟ පන්දුයවන්නන්ට වැඩි අවස්තාවක් ලබා දී තිබේ.

ඕස්ට්‍රේලියාව සමග මංගල තරගයට සහභාගිවූ ප්‍රභාත් ජයසුරිය කඩුලු 12ක් බිදහෙලිමට සමත් විය. අද තරගයට ධනංජයද සිල්වා කණ්ඩායමට එක් වනු ඇතැයි විස්වාස කෙරෙයි.එසේ වුව හොත් කමිදු මෙන්ඩිස් හට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වනු ඇැති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?